බන්ධනාගාර බලධාරීන් රන්ජන්ගේ ඉල්ලීම අනුමත කරයි..

දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවසර ලබාදී තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසා ඇත්තේ, රන්ජන් රාමනායක මහතා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්තාව ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබූ බවයි.

එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අධිකරණ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අවසර ලබා දෙමින් ලිපියක් නිකුත් කර තිබේ.

රන්ජන් රාමනායක මහතාට වැලිකඩ බන්ධනාගාරයේ සිට බාහිර උපාධි දේශන පැවැත්වීම සඳහා අවසර ලැබෙන අතර බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ අන්තර්ජාලය ඔස්සේ දේශනවලට සහභාගි වීමට අවසර දෙන බව තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»