පෞද්ගලික බස් ධාවනය නතර කරයි..
ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පවසා ඇත්තේ සදුදා මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා තෙක් කැමති නම් බස් ධාවනයටත් නැතිනම් ධාවනය නොකර සිටීමටත් බස් රථ හිමියන්ට දැනුම් දී ඇති බවය. මේ වනවිට දිවයින පුරා සියයට 75 ක් පමණ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇත.
මේ අතර ප‍්‍රවාහන ඇමැති දිලූම් අමුණුගම මහතා සඳහන් කර ඇත්තේ බස් සංගම් විසින් සියයට 20 කින් බස් ගාස්තු වැඩිකරන ලෙස ඉල්ලා සිටියත් සියයට 14 ත් 15 ත් අතර ගණනකින් වැඩිකිරීමට එකඟතාවයකට පැමිණීමටත් අවම ගාස්තුව රුපියල් 20 ක සීමාවට පැමිණීමටත් සාකච්ඡුා කළ බවයි.
