පාකිස්තානයේදී ප්‍රියන්ත කුමාර ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් 100 ක් අත්අඩංගුවට..අගමැති ඉම්රාන් ඛාන්.

පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 100 කට වැඩි දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි.

ඹහු මේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනයෙන් දන්වා ඇත.

දැඩි මතධාරී (TLP) Tehreek-e-Labbaik Pakistan ඉස්ලාම් සංවිධානයේ පිරිසක් මෙම ඝාතනයට සෘජුව සම්බන්ධවී ඇති බවයි එරටින් වාර්තා වනුයේ.

40 හැවිරිදි වියේ පසුවූ ප්‍රියන්ත කුමාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත් ඉංජිනේරු වෘත්තිකයෙකි.මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුන දෙන විට ප්‍රියන්ත පකිස්තානයේලාහෝර් සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි සියල්කොට් දිස්ත්‍රික්කයේ ඇඟලුම් කම්හලේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියේය.

ප්‍රියන්ත කුමාර මහතාග් දේහය සඳුදා දිනයේදී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»