ප්‍රතික්ෂේප කරන ලද පොහොර රැගත් චීන නැව බලෙන් ලංකාවට එවයි..

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතික්ෂේප කරන ලද පොහොර රැගත් චීන සමාගමේ පොහොර නෞකාවක් ඊයේ රාත්‍රියේ දී කොළඹ වරායට ආසන්නයට ලඟාවී ඇති බව වාර්තා වෙනව.

චීන සමාගම් විසින් ආණ්ඩුවේ බලධාරීන්ට ලිඛිතව මේබව දැනුම් දී  ඇතිබවයි ආරංචි මාර්ග සඳහන් කරන්නෙ.

නැවත වතාවක් සිදුකරන ලද පරීක්ෂණවලදී අදාල පොහොරවල විෂ ද‍්‍රව්‍ය අඩංගු වෙන්නේ නැති බව තහවුරු වී ඇති බැවින් එම පොහොර තොගය නැවත ගෙනවිත් ඇතිබව චීන සමාගම විසින් දන්වා තිබෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»