පව් කැස්බෑවෝ…

ඩයමන්ඩ් නැවේ වන්දියටත් ඩීල් එකක් ?

ශ්‍රීලංකා මුහුදු සීමාවේදී පසුගියදා ගිනි ගෙන විනාශයට පත්වූ නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් සිදුවූ විනශයට නියමිත මුලු වන්දිමුදල අයනොකීරීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පසුගිය 11 වැනිදා සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කෝප් කමිටුව රැස්විය.

මෙහිදී මහාචාර්ය චරිත හේරත් මහතා,ප්‍රශ්නකර සිටියේ නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් කෝටි 348 ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි පහක පමණ මුදලක් පමණක් බවත් එයට හේතුව කුමක්ද යන්න බවත්ය.

කෝප් කමිටු සභාපති වරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ගණුදෙනුවේදී කිසියම් ඩීල් එකක් සිදුවී ඇතිබවට සැකයක් මතුවී තිබෙන බවයි.

මෙහිදී සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියෙහි සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොළඹ මුහුදු සීමාවේ ආපදාවට ලක් වූ ‘නිවු ඩයමන්ඩ්’ නෞකාවෙන් කිසිම මුහුදු සත්වයෙක් මිය ගොස් නැති බවත්, කොරල් පරයකට හෝ කඩොලාන පද්ධතියට කිසිම හානියක් සිදුව නැති බවත්ය.

මෙහිදී කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම වන්දි මුදල අයකර ගැනීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය නිසි අයුරින් කටයුතු කර නැතැයි පැවසූ අතර ඒ සම්බන්ධයෙන් එම අධිකාරියේ ප්‍රධානින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.

Translate-(English/Sinhala/Tamil )»