ධම්මික පෙරේරා නිවස ඉදිරිපිට විරෝධතා..

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ කොළඹ 07 පිහිටි නිවස අසළට පිරිසක් අද දහවල්(12) පැමිණ විරෝධතාවයක නිරත වී ඇත.

ධම්මික පෙරේරා මහතා පැහැර හැර ඇතැයි පැවසෙන බදු මුදල් ගෙවන ලෙසත් ඇතැම් සටන් පාඨ වල දැක්වූ අතර ඇතැම් සටන් පාඨවල එංගලන්තයේ සිට කුණු කන්ටේනරයක් ලංකාවට ගෙන්වූ ඔහුගේ අතීත ක්‍රියා සිහිපත් කර විරෝධය දක්වා තිබේ.

ධම්මික පෙරේරා මහතා විසින් ගෙවීම පැහැර හැර ඇති බව පැවසෙන බදු මුදල් ගෙවන්නැයි විරෝධතා කරුවෝ ඉල්ලූහ.‘කැසිනො රජා අපට එපා’, ‘කුණු ධම්මික අපට එපා’ ආදී සටන් පාට සහිත විරෝධතා පුවරු විරෝධතාකරුවන් අත විය.

(photo credit to owners)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»