දේපළ සහ වත්කම් බලාපොරොත්තුවෙන් දික්කසාද වන්නුන්ට පාඩමක්…
අච්රෆ් හකීමි මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුවකි.මසකට යූරෝ මිලියන 1 ක( USD 1 Minion(ආසන්නව ) පමණ වැටුපක් ලැබුනත් ඔහුගේ නමට කිසිදු වත්කමක් නොතබා සියලු දේ සිය මවගේ නමට ලියාපදංචි කර ඇත. එමෙන්ම තම වැටුපෙන් 80%ක් ද මවගේ ගිණුමට බැරකර ඇත.
මෙම දේපළ අතරට වාහන,ගෙවල්,රතතරන් බඩු හා ඇඳුම් පැලඳුම් ද අයත් වෙන බවයි වාර්තා වනුයෙ.24 හැවිරිදි වියේ පසුවන හකීම් විවාහ වූයේ ස්පාඤ්ඤ ජාතික ටෙලිනාට්‍ය නිළියක වූ හිබා අබොක් සමගිනි. මෙම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකුද සිටිති.
හකීමිගේ බිරිඳ හිබා දේපළ හා වත්කම් ඉල්ලා හකීමිට විරුද්ධව දික්කසාද නඩුපසුගිය මාර්තු මාසයේදී ගොනු කෙරිණි.මීට හේතුව වශයෙන් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නෙ හකීමිට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වීමයි.
කෙසේ වෙතත් හකීමිගේ නමට කිසිදු දේපළක් නොතිබීම හේතුවෙන් දේපළ හා වත්කම් ඉල්ලා නඩු මගට ගිය හිබා ට බලාපොරොත්තුවූ සියල්ල නොලැඹෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ.