තවත් ගෑස් පිපිරීමක් කාන්තාවක් මියයයි.

වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි විවාහක තරුණියක් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

දිගින් දිගට වාර්තාවන ගෑස් පිපිරුමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ලංකාවේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන ප්‍රධාන ගෑස් සමාගම් දෙකටය.

ජනතාව චෝදනා කරන්නේ ලාබ ලැබීමේ අදහසින් ගෑස් වල තත්වය බාල කිරීම හේතුවෙන් මෙසේ පිපිරීම් සිදුවන බවයි.පාරිභෝගික අධිකාරියේ හිටපු ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ ප්‍රොපේන් – බියුටේන් අනුපාතය 50-50 තිබියයුතු බවත් දැන් එසේ නොමැති බවත්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»