තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ලංකාවට දෙති…

තමල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් ඩී.එම්.කේ පක්ෂයේ නායකයා වේ.ඩී.එම්.කේ පක්ෂයේ ලොක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් තම මසක වැටුප තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා පිහිටුවා ඇති මහජන සහන අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇතැයි ඩී.එම්.කේ පක්ෂය නිවේදනය කළේය.එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩී.එම්.කේ පක්ෂය රුපියල් කෝටියක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කරන බව සඳුදා දින නිවේදනය කළේය.

(විමුක්ති එස් රුද්‍රිගු) උපුටාගැනීම -Lankadeepa

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»