ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) 2023 ICC හෝල් ඔෆ් ෆේම් ලෙස ශ්‍රීලංකාවේ අරවින්ද ද සිල්වා නම්කරයි.
ICC හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩාවේ දිගු ඉතිහාසය පුරා විශිෂ්ඨතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෞරව කරන අතර මෙවර ඒ සඳහා ශ්‍රීලංකාවේ අරවින්ද ද සිල්වා නම්කර ඇත.
ලෝකේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස අවුරුදු 20 කට පසුව අයිසීසීය විසින් ශ්‍රීලංකාවේ අරවින්ද ද සිල්වා අගැයීමට ලක්කර තිබීම විශේෂ සිදුවීමකි.
අරවින්ද ද ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 19ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක් භුක්ති විඳ ඇති අතර, 1996 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රහණය සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලීන් හට අමතක නොවන ගමනේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය.
මෙම සැමරුම් උත්සවය නොවැම්බර් 15 වන දින ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසන 2023 හි පළමු අවසන් පූර්ව තරඟයේදී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පිටියේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී සිදුකරන බවයි පැවසෙන්නෙ.