ජර්මන් මැතිවරණයෙන් ඇන්ජෙලා මර්කල්ගේ පක්ෂය පරදියි.

වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ, ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් වී ඇත.

මෙම ජයග්‍රනයත් සමඟම මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයේ නායක 63 හැවිරිදි ඕලෆ් ෂොල්ස් ජර්මනියේ නව චාන්සල්වරයා ලෙස පත් වනු ඇත.

ඕලෆ් ෂොල්ස් ගේ නායකත්වයෙන් සමන්විත මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙසේ ජර්මනියේ බලයට පත් වූයේ 2005 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි.

යුරෝපයේ ‘යකඩ ගැහැනිය’ යන නමින් ඇන්ජෙලා මර්කල් හැඳින්වෙන අතර 67 හැවිරිදි ඇන්ජෙලා මර්කල් සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමඟ ජර්මන් ෆෙඩරල් මැතිවරණය පැවැත්වූයේ ඊයේ (26) ය.

2005 වසරේ සිට ජර්මනියට ශක්තිමත් නායකත්වයක් දෙමින්, එරට ආර්ථිකය වර්ධනය කිරීමට ඇන්ජෙලා මර්කල් සහ ඇගේ ‘යූනියන්’ සන්ධානය සමත් වී තිබුණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»