ජනපති තීරණාත්මක සාකච්ඡාවක…

මේවන විට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇත.ඉන් පසුව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් එක් දෙනාටද ආරාධනා කර තිබූ අතර, ඒ අනුව එම සාකච්ඡාව ජනාධිපති මන්දිරයේ ද මේ වනවිට ආරම්භ වී ඇත.

රට පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීම සදහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායම ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් ඉල්ලීමක් කර තිබිණි.ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්නට පෙර ,මෙම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී අද රැස් වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සමඟද සාකච්ඡා කිරීමට එම මන්ත්‍රීවරුන් තීරණය කර ඇත .

Translate-(English/Sinhala/Tamil )»