චීනය ටිබෙට් රටේ බුද්ධ ප‍්‍රතිමා සහ ආරාම විනාශ කරන බවට චෝදනා..
1950 දී චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කළ දා සිට, චීන නායකත්වය ඔවුන්ගේ ජීවන රටාව විනාශ කිරීමට විරුද්ධව ටිබෙට් වැසියන්නොනැවතින අරලයක නිරතව සිටී.
අධිෂ්ඨානශීලී චීන නායකත්වයක් විසින් ඔවුන්ගේ සංස්කෘතිය, ආගම සහ භාෂාව අතුගා දමන බව ටිබෙට් වැසියන් විශ්වාස කරති.
මේ වන විට ඇති වී තිබෙන පාරිසරික සූරාකෑම්,ආගමික සීමා කිරීම් සහ ආරක්ෂක හමුදා වල මර්දනකාරී පියවරයන් නිසා ටිබෙට් වැසියන් චීන පාලනයෙන් තොර ජීවිතයක් සඳහා ඔවුන්ගේ තහනම් ධජය ප්‍රදර්ශනය කිරීමේ සිට මහජන විරෝධතාවලට සම්බන්ධ වීම දක්වා නිදහස සඳහා වූ ඔවුන්ගේ ආශාව ප්‍රකාශ කිරීමේ නොනැවතින අරලයක නිරතව සිටී.
මේ අතර චීනය ටිබෙට් දේශයේ බෞද්ධ අනන්‍යතාවය විනාශ කිරීම සඳහා කටයුතු කරන බව ටිබෙටයේ බෞද්ධ විශාරද සහ ආචාර්ය ලින් රින්පොච් ශ‍්‍රී ලංකාවේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්පවසා ඇත. චීනය ටිබෙට් ජනතාවට එරෙහිව වසර දහයක පමණ කාලයක සිට අමානුෂික සහ තිරිසන් ලෙස හිංසා කරන බවත් ටිබෙටයේ බෞද්ධ අනන්‍යතාවය විනාශ කිරීමට ඓතිහාසික වශයෙන් වැදගත් ආරාම සහ බුද්ධ ප‍්‍රතිමා විනාශ කර ඇති බවත් ආචාර්ය ලින් සඳහන් කර ඇත.
(Free Tibet ඇසුරෙන්)
