ගෑස් නැතිව භූමිතෙල් පොලිමේ..

මේ දිනවල ගෑස් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ජනතාව භූමිතෙල් ලිප් භාවිතයට වැඩි වශයෙන් යොමුව සිටින නිසා භූමිතෙල් ලබාගැනීමට පැමිණි පිරිස් හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල අද (23) දිගු පෝලිම් පැවතිණි.

ගෑස් සිලින්ඩර පිපිරීමේ තත්වය හේතුවෙන් ඇතිවූ බිය සහ ගෑස් හිඟය හේතුවෙන් බොහෝ දෙනෙක් භූමිතෙල් ලිප් භාවිතයට යොමුවිය.

ගෑස් හිඟය ද තවමත් පවතින අතර ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි පවතින ප්‍රචාර හේතුවෙන් ද ජනතාව බියට පත්ව සිටින බැවින් භූමිතෙල් රැස්කර තබාගැනීමට උනන්දු වන බව පෙනේ.මේ හේතුවෙන් ජනතාව භූමිතෙල් ලබාගැනීම සඳහා විශාල ප්‍රමාණයේ කෑන් රැගෙන ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.

(ඩයනා උදයංගනී)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»