ගණිකා වෘත්තිය නීතිගත කරමු..පොහොට්ටුවේ මංත්‍රිනී කෝකිලා ගුණවර්ධන.

ලෝකයේ පැරණිම වෘත්තිය වන ගණිකා වෘත්තිය නීතිගත කරනවාට තමන් කැමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

ඇය ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියාය.

මම පෞද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවට කැමතියි..තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම්, මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගැහැණු අමාරුවෙ වැටෙන්නෙත් නැහැ… හිරගෙවල්වල යන්නෙත් නැහැ… දරු පවුලක් රැකගෙන ඉඳීවි. මං පැහැදිලිවම විශ්වාස කරනවා සූරා කෑම නතර කරන්න පුළුවන් කියල.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»