කැනඩා අගමැති ,අගමැති කමින් සහ පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සඳුදා නිවේදනය කළේ, නායකත්ව තරඟයකින් පසු අගමැති සහ ලිබරල් පක්ෂයේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

දිගින් දිගටම පක්ෂයේ ජ්යෙෂ්ඨයන් ගෙන් එල්ලවු ඉල්ලීම් හමුවේ මෙසේ අගමැති කමෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

ටෲඩෝගේ ලිබරල් පාලනය යම් කාලයක් තිස්සේ ගලාගෙන ගිය නමුත් ඹහුගේ විදේශ ප්‍රතිපත්ති සහ මුදල් කළමණාකරනය පිළිබඳව පසුගිය වසර පුරා පක්ෂයේ ජ්යෙෂ්ඨයන් ගෙන් විවේචන එල්ල වෙමින් පැවතින.

පසුගිය මාසයේ හිටපු මුදල් ඇමති සහ නියෝජ්‍ය අගමැති හදිසියේ ඉල්ලා අස්වීමත් සමඟම පක්ෂයෙන් ටෲඩෝ වෙත එල්ලවු බලපෑම්, චෝදනා හා විවේචන තව තවත් වැඩිවිය.

ලිබරල් පක්ෂයේ නව නායකයෙකු තෝරා ගන්නා තෙක් ටෲඩෝ අගමැති ධුරයේ රැඳී සිටිනු ඇත. ලිබරල් පක්ෂ නායකත්ව තරඟයකට කාලය ලබා දෙමින් මාර්තු 24 දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවනු ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»