කැනඩාවේ ස්ථිර පදිංචිය(PR) සඳහා නව රැකියා 16ක් සුදුසුකම් ලබයි..
කැනඩාවේ ස්ථිර පදිංචිය(Permanent Residence)සඳහා අයදුම් කිරීමේ රැකියා සුදුසුකම් ලයිස්තුවට නව රැකියා 16ක් ඇතුලත් කර තිබේ.
කැනඩාවේ මේ වන විට පවතින සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල හිඟය නිසා දිගු කාලයක් හදිසි කාමරවල රැඳී සිටී මට සිදුව ඇති බැවින් ශල්‍යකර්මවල පසුබෑමක් ඇතිවී ම හේතුකොටගෙන රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය අර්බුදයකට ලක්ව ඇති බැවින් අධිවේගී පිවිසුම් වැඩසටහන යටතේ(Express Entry program) ස්ථිර පදිංචිය සඳහා දැන් සුදුසුකම් ලබා ඇති නව වෘත්තීන් අතර හෙද සහායකයින්, දන්ත වෛද්‍ය සහායකයින් සහ ෆාමසි තාක්ෂණික සහායකයින් ඇතුළත් කොට ඇත.
(Nurse aides, Dental assistants, and Pharmacy technical assistants )
මීට අමතරව මෙම ලැයිස්තුවට ප්‍රාථමික සහ ද්විතීයික පාසල් ගුරු සහායකයින්, ට්‍රක් රථ රියදුරන්, බස් රථ රියදුරන්, උමං මාර්ග ක්‍රියාකරුවන්, ගුවන් යානා එකලස් කරන්නන් සහ සෞන්දර්යවේදීන් ද ඇතුළත් කර ඇත.
(Elementary and Secondary school teacher assistants, Truck drivers, Bus drivers, Subway operators, Aircraft assemblers and Estheticians) බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ සෞඛ්‍ය සේවා, ඉදිකිරීම් සහ ප්‍රවාහනය වැනි ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රවල ගෝලීය කුසලතා ගෙන ඒමේ සැලසුම් මත නව කාණ්ඩ ගොඩනඟන බවයි.
(Global News)
