කැනඩාවේදී බිරිඳ ඝාතනය කළ ශ්‍රීලංකිකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..

27 හැවිරිදි තර්ෂිකා ජෙගනාදන් ස්කාර්බරෝ හි බස් රථයෙන් නිවසට යමින් සිටියදී ඇගේ සැමියා විසින් පිහියකින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඇය බරපතල තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර කැනඩා පොලිසිය ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති නඩු විභාගයේදී මොහුට එම දඩුවම හිමිව ඇත.යාපනයේ ප්‍රදේශයේ පදිංචිව සිටි දර්ශිකා ජෙගනාදන් නැමති කාන්තාව සමග විත්තිකරු 2015 දී ඉන්දියාවේදී විවාහ වී පසුව දෙදෙනාම කනඩාවට ගොස් තිබේ.දෙමළ භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් විස්තරකර ඇත්තේ එම විවාහය කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණෙන් සිදුකල විවාහයක් බවයි.(Global News ඇසුරෙන්)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»