ක්විබෙක්(Quebec) පළාතට රාත්‍රී ඇඳිරි නීතිය, නිවෙස්වල පුද්ගලික රැස්වීම් තහනම්.

සිකුරාදා(31) රාත්‍රී 10 සිට, පසුවදා උදේ 5 දක්වා දිගටම ඇඳිරි නීතිය.

ක්විබෙක් ප්‍රිමියර් ෆ්‍රැන්සුවා ලෙගෝල්ට් බ්‍රහස්පතින්දා නිවේදනය කළේ රෝහල්ගතවීම් වැඩි වීම සහ ඔමික්‍රොන් ප්‍රභේදය මගින් මෙහෙයවනු ලබන COVID-19 රෝගීන්ගේ වර්ධනය නිසා මෙසේ ඇඳිරි නීතිය පැනවීමට හේතු වූ බවයි.

සිකුරාදා සිට නිවෙස්වල පෞද්ගලික රැස්වීම් ද තහනම් වේ. තනිව ජීවත් වන හෝ රැකබලා ගන්නන්(caregivers) අවශ්‍ය පුද්ගලයින්ට පමණක් නිවෙස්වලට පැමිණීමට අවසර ලැබේ.

ආපනශාලා භෝජනාගාර වසා ඇති නමුත් පිටතට(take out) ගැනීම සහ බෙදා හැරීමේ විකල්ප දිගටම කරගෙන යාමට ඉඩ දෙනු ඇත.

මේ වන විට පළාතෙන් වාර්තාගත ආසාදිතයන් ප්‍රමාණයක් එනම් රෝගීන් 14,188ක් හඳුනාගන ඇ ති අතර දැඩි සත්කාර ඒකකයට ඇතුලුවන රෝගීන් ප්‍රමාණයද සීඝ්‍රව ඉහළයමින් තිබෙන බවද පවසයි.(GlobalNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»