එල්මෝ ගුණරත්න මහතා අද (28දා) අභවප්‍රාප්ත විය.

ලංකාවේ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියෙකු ලෙස සැලකෙන එල්මෝ ගුණරත්න මහතා අද (28දා) පෙරවරුවේ කොවිඩ්-19 රෝගී තත්ත්වය හේතුවෙන් සිය නිවසේ දී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 89 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා දශක 6 ක් පුරා ලංකාවේ පුවත්පත් කලාවට විශිෂ්ට සේවයක් කළ ජ්‍යෙෂ්ඨතමයෙකු ලෙස හඳුන්වා දිය හැකිය.කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ගුණරත්න මහතා සිංහලයා පුවත්පතින් මාධ්‍ය ජීවිතය ආරම්භ කළ අතර පසුව ලේක් හවුස් ආයතනයට එක්විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»