ඉන්ධන නැති නිසා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කෝච්චියෙන් යාපනේ යයි..

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ඇතුලු දූත පිරිසක් යාපනයේ සංචාරයක් සඳහා දුම්රියෙන් ගොස් ඇතිබව වාර්තා වෙනව.

ඉන්ධන අර්බුදය හේතුවෙන් එලෙස දුම්රියෙන් ගොස් ඇතිබවයි පැවසෙන්නෙ.මෙම සංචාරයේදී උතුරු පලාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සහ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතාද හමුවී ඇති බවයි සඳහන් වන්නෙ.

ඩේවිඩ් මැකිනන් මහතා දුම්රියෙන් යන අතර තුරදී ගත් වීඩියෝ දර්ශන කිහිපයක් ඹහුගේ ට්විටර් ගිණුමෙහි පළකර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»