ඉදිරියේ සාගතයක් එනවා..මෙච්චර ප්‍රශ්න තිබියදීත් පාරවල් හදනවා..

ගාල්ල කරීටාස් සෙඩ්ගෝල් ආයතනය සංවිධානය කළ පුහුණු වැඩසටහනකට එක්වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ගේ කතාවෙන් .අපි රසායනික පොහොර තහනම් කළා.

කෘෂි රසායනික පාවිච්චි නොකරන රටක් තිබෙනවද? ආණ්ඩුව කිව්වේ ගොවි ජනයා වකුගඩු රෝගයෙන් බේරාගැනීම සඳහා තහනම් කළා කියලා. එහෙමනම් වකුගඩු රෝගීන් වැඩිම නුවරඑළිය දිස්ත්‍රික්කයේ විය යුතුයි.

හැබැයි කෘෂි රසායනික හොඳ දෙයක් නොවෙයි තමයි. නමුත් හැම දෙයක්ම ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කිරීම නරකයි.දැන් මුළු රටම බංකොලොත් වෙන තත්ත්වයට පත් වෙලා.

ඒ නිසා රාජ්‍ය පාලකයෙක් ගත්තේ නැති තීන්දුගන්න වෙනවා. ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගන්නේ නැහැ කිව්වම ලංකාවට ණය දීම ගැන සැක පහළකරනවා. ජාත්‍යන්තර අරමුදල ණය දෙන්නේ සියයට දශම පහයි බින්දුවටයි. පොලිය නැති තරම්. ඒත් ණයගන්න සූදානම් නැහැ.

අද තියෙන්නේ කැබලි වූ රටක්. සොයානොගත් බිහිසුණු අපරාධ වී තිබෙනවා. නීති සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වෙලා. නඩුප්‍රමාදය විනිසුරුවන්ට දරා ගන්න බැහැ.

ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරිය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් රීට්ආඥාවක් ගත්තා. පාර්ලිමේන්තුව ඒකට පයින් ගැහුවා.හරිම දූෂිත දේශපාලන ක්‍රමයක්.

මෙච්චර ප්‍රශ්න තිබියදීත් පාරවල් හදනවා. ඉදිරියේ සාගතයක් එනවා.පුළුවන් අය රට අත හැරලා යාවි. මොකුත් කරගන්න බැරි අය ඉතිරි වෙයි.

මේ ක්‍රමය වෙනස් කිරීමේආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොව මහජනයාටයි. රටක් විනාශවෙච්ච යුගයක පවා හම්බ කරන්න හදන පාලකයන්ට රටක් හැදීමට බැහැ. මහජනයා බලාගන්නා නායකයන් අවශ්‍යයි. එවැනි නායකයන් හදා ගන්න අප උත්සාහ කළ යුතුයි.”

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»