ආකාස විෂ්මය… දෙරටම අඳුරේ ගිල්ලු මොහොතක්..
අද සූර්යයා සඳට කෙළින්ම පිටුපසින් ගමන් කරන විට පෘථිවියේ සිටි ප්‍රේරේක්ෂකයින් අහස දෙසට හැරී ඒ විරල මොහොත නරඹන ලදී.මේ මොහොතේ කැනඩාවේ සමහර ප්‍රදේශ පූර්ණ සූර්යග්‍රහණයකින් මොහොතක් අන්ධකාරයේ ගිල්වා තබන ලදී.මේ වනවිට ලංකාවටත් රාත්‍රීකාලයයි.
නිරිතදිග ඔන්ටාරියෝ හි නිරීක්ෂකයින් කැනේඩියානු භූමියේ ප්‍රථම වරට සූර්යග්‍රහණය අත්විඳින ලදී. ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට පූර්ණ සූර්ය ග්‍රහණය දකින්න ලැබුණි. ඇමෙරිකන් මහද්වීපයේ මිලියන ගණනක් එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා ආයතනය වැඩි දුරටත් පවසයි.