අහස උඩටම ගිය ඕල්ඩ්‍රින් වයස උඩටම ගිහින් කසාද බඳියි…

1969 ජූලි 20 සඳමත පාතැබීම එකල සිට ජීවත්වන ඹබට තවමත් මතක ඇති.ඇපලෝ 11 යානයෙන් සඳ වෙත ගිය තිදෙනා ඇමරිකානු ගගනගාමින් වන නීල් ආම්ස්ට්‍රෝං , මයිකල් කොලිනිස් හා එඩ්වින් ඕල්ඩ්‍රින් වෙයි.මේ තිදෙනාගෙන් දැනට ජීවත්ව සිටින එකම සාමාජිකයා එඩ්වින් ඕල්ඩ්‍රින් පමණි.

නීල් ආම්ස්ට්‍රෝං පළමුව සඳමත පාතැබූ අතර ඊට ටික වේලාවකට පසු ඕල්ඩ්‍රින් සඳමත පාතැබූ බව වාර්තා වූවා.

මේ වනවිට එඩ්වින් ඕල්ඩ්‍රින් ගේ වයස අවූ:94 ක් බවයි සඳහන් වන්නෙ.පසුගිය දා ඹහු වයස අවුරුදු 63 ක් වන අන්කා ෆෝර්ගේ සමඟ විවාහ වූ බව දන්වා සිටියා. ඇය වෘතියෙන් වෛද්‍යවරියක් බවයි පවසන්නෙ.

මෙය එඩ්වින් ගේ 4 වන විවාහයයි.පෙර කසාද වලින් ඹහුට දරුවන් 3 දෙනෙක් සිටිනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»