අරගලයේ 6 කට විදෙස් ගමන් තහනම්..

ආණ්ඩු විරෝධී කොළඹ ගාලු මුවදොර විරෝධතාවයේ නිරත ක්‍රියාකාරීන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, කතෝලික පූජක ජීවන්ත පීරිස් පියතුමා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ‘වෙනසකට තාරුණ්‍යය’ සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සහ එරංග ගුණසේකර යන මහත්වරු ක්‍රියාකාරීන් අතර වෙති.

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානිකිරීම ඹවුන්ට එරෙහිව ඇති චෝදනා බවයි පවසන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»