අයින්ස්ටයින්ට සහ හෝකින්ස්ට වඩා දක්ෂ ශ්‍රී ලාංකික දැරියක්…

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික 10 හැවිරිදි අරියානා දඹරවැවහේවගේ දැරිය කෙරෙහි මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත.

මීට හේතුව වී ඇත්තේ අරියානා දැරිය ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම (I.Q)) ඉක්මවා යාමයි.

අරියානා බුද්ධි මට්ටම් මැන බැලීම සඳහා තිබෙන “මෙන්සා අයි.කිව්” පරීක්ෂණයට මුහුණදී ජීනියස් මට්ටමේ යැයි සැලකෙන දැවැන්ත ලකුණු 162 ක් ලබා ගෙන ඇත.

ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙදෙනාම බුද්ධියේ මිණුම් සලකුණු ලෙස සැලකෙන අතර ඔවුන් දෙදෙනාටම ඇස්තමේන්තුගත IQ අගය 160 කි.

අරියානා ඔවුන්ව පරාජය කර ඇති අතර දැන් උසස් IQ සංගමයේ මෙන්සා හි සාමාජිකයෙකු වීමට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නෙ.අරියානා පොත් වලට ප්‍රිය කරන අතර ගණිතය සහ විද්‍යාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බව සඳහන් කර තිබෙනව.අරියානා කවදා හෝ ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු වීමට බලාපොරොත්තු වෙන් සිටින බවයි පවසන්නෙ.

හඩර්ස්ෆීල්ඩ් හි ශාන්ත පැට්‍රික් කතෝලික පාසලේ අධ්‍යාපනය ලබන අරියානා තම දෙමව්පියන් සමග හඩර්ස්ෆීල්ඩ් නගරයේ ජීවත් වෙයි.ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් 2009 වසරේදී පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගොස් තිබේ.

(Image: Dambarawa Hewage Family))

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»