අම්මගෙ සොහොන බේරාගන්න බැරි මනුස්සය…

මිග් ගුවන්යානා නඩුව ඇදුනනොත් තමන්ට වඩා ප්‍රශ්න වෙන්නේ ජනාධිපතිට…

ඩුබායි බිස්නස් ගණිකා නිවාස…

සුදුවෑන් මටත් එවයි…

උදයංග වමාරයි…

ගොඨාභය ගැන නොදන්නා ඹබට උදයංග විස්තර කරදෙයි..

-ආරක්ෂක හමුදාවේ අණදෙන්නගෙ,සේනාධිනායකයා ගේ අම්මගෙ සොහොන ගිනි තියෙනවා නම් අපිට මොන කතාද.

-වියත්මග ජනපති-අගමැති තරහ කලා-2019 ගෝඨාභය තෝරගත් එක වැරදි තීන්දුවක්.මෙච්චර ජනවරමක් තියාගෙන රට තිබුණ තැනටත් වඩා අගාධෙට දාන්න හේතුවුනේ ඇයි කියල මං දන්නෙ නැහැ. මේවට වගකියන්නේ අයියා විතරක් වුණානං ඒක මං අයියගෙන් අහනවා. අයියගෙ නායකත්වයෙන් ඉන්න හෙංචයියො නිසා සමහර දේවල් හරි විදිහට සිද්ධ වුනේ නැහැ.

-හැබැයි මිග් ගනුදෙනුව ගැන තාම අනුර කුමාර නඩු දැම්මට ඔප්පු කරල නැහැ.ඒක අහුවුණත් මං නෙමේ අත්සන් තබල තියෙන්නෙ..මිග් ෆයිල් ගැන කතාවෙනවනම් මං කැමතී. කැබිනට් පේපර් එක අනුමත කරේ ගෝඨාභය. මං අහුවෙන් නැහැ.

-රනිල් වික්‍රමසිංහයි ගෝඨාභයයි ගැලපෙනවා දෙන්නටම ක්‍රෝධය වෛරය වැඩියි.

-තවම කෙළවිලා නැහැ රට තවම ගොඩගන්න පුළුවන් ඒ රටේ නිලධාරින්ගෙ තොරතුරු මත හරි තීන්දු අරගෙන කලොත් ගොඩ යාවි.

-ගෝටා කාමරේ දොරවහගෙන වැඩ කරනව. මිනිස්සු එක්ක කතා කරන්නෙ නැහැ.

රට පාලනය කරන්න එයාට තේරුම මදි. මහින්ද එහෙම නැහැ හිටියේ මිනිස්සු එක්ක.මෙයාට කතා කරන්න බැහැ කේන්ති යනවා.

Truth with Chamuditha අන්තර්ජාල නාලිකාවකට එක්වෙමින් හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කරයි.(මේසම්බන්ධ YouTube වඩසටහන මේවනවිට මොනයම් හෝ හේතුවක් නිසා ක්‍රියා විරහිතව ඇත.)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»