අමරසිරි කලංසූරිය සමුගනී..

කඳුලක් සුසුමක් හදින් ගලනතෙක් එකමුතු වී අපි ඉමු මිතුරෝ …එන්න මගේ පිය මිතුරෝ…(අහස් ගව්ව)

අමරසිරි කලංසූරිය සමුගනී..ප්‍රවීණ සහ ජනප්‍රිය සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා අද (1) අභාවප්‍රාප්ත විය.

70 දශකයේ අහස් ගව්ව චිත්‍රපටයේ රඟපෑමෙන් ජනප්‍රිය වු අමරසිරි කලංසූරිය එවකට තරුණ තරුණියන්ගේ අවධානයට ලක්වූ චරිතයක් විය.

අහස් ගව්ව චිත්‍රපටයේ රඟපෑම නිසා 1974 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට හිමි විය.මෙය ඹහු ගේ දෙවන චිත්‍රපටය විය.ඹහු මුලින්ම සිනමාවට එක්වූයේ හන්තාන කතාව චිත්‍රපට යෙනි.බඹරු ඇවිත්,අපේක්ෂා, ඇතුළු චිත්‍රපට රාසියකම රංගනයෙන් දායකවී ඇත.ශ්‍රීලංකාවේ ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූ ‘දිමුතු මුතු’ හි ප්‍රධාන චරිතයක් ඔහු රගපෑවේය.

අමරසිරි කලංසූරිය විලාසිතා මැවූ කඩවසම් චරිතයක් විය ඩෙනිම් කලිසම්,ඩබල් පොකට් කමිස ලංකාවේ තරුණයිනට මුලින්ම ඇන්දවීමට පුරුදුකලේ අමරසිරි කලංසූරිය කිව්වොත් නිවැරදිය.මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විය.මියයනවිට 82 වියේ පසුවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»