අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයඅත්හිටුවා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අධිකරණයට..

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයට පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා කොළඹ අභියාචනාධිකරණයේ අද (14) රිට් පෙත්සමක් ගොනු කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂමක් පත් කල බව ද, එහි නිර්දේශයක් ලෙස සිදු කළ වෝහාරික විගණන වාර්තාව මගින් වගඋත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් කරුණු ගණනාවක් හෙළි කර ඇති බවද පෙත්සම්කරු කියා සිටී.වෝහාරික විගණන වාර්තාව මගින් හෙළි කර ඇති කරුණු සම්බන්ධයෙන් අපරාධමය චෝදනා එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මක විය යුතු බවත්, ඔහු නැවත මහ බැංකු අධිපති ධූරයට පත් වන්නේ නම් මෙම සාක්ෂි විනාශ කිරීමට ඇති ඉඩ වලක්වාලන ලෙස ද, පෙත්සමින් ඉල්ලා ඇත.

වොහාරික විගණන වාර්තාවේ අති විශාල චෝදනා සංඛ්‍යාවක් එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද, මුදල් පනතේ 12 වගන්තිය අනුව, ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යවරුන්ට අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ කිසිදු තනතුරක් සඳහා පත් කිරීම වලක්වන ලෙස ද,අපරාධමය වරදක් පිළිබඳ සාක්ෂි වෙනස් කිරීම, විනාශ කිරීම හෝ වෙනස් කිරීම සිදු කළ හැකි බැවින් අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති ධූරය සඳහා පත් කිරීම වලක්වන ලෙස ද, පෙත්සම මගින් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති , පොලිස්පති , අජිත් නිවාඩ් කබ්රාල් මහතා , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , මහ බැංකු නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී .ප්‍රනාන්දු මහතා නම් කරනු ලැබ සිටිති.ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් පෙත්සම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.(උපුටාගැනීමකි)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»